විමර්ශන අංශය

දැක්ම

මහව අධ්‍යාපන කලාපයේ කලාපීය පාසල්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා අධ්‍යාපනයට සම්බන්ධ අනෙකුත් ආයතන අතර තොරතුරු හුවමාරු කර ගැනීමට කාර්යක්‍ෂම තොරතුරු පද්ධතියක ප්‍රබල අවශ්‍යතාවයක් මතුව තිබුණි.

මෙහෙවර

මහව අධ්‍යාපන කලාපයේ කලාපීය පාසල්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා අධ්‍යාපනයට සම්බන්ධ අනෙකුත් ආයතන අතර තොරතුරු හුවමාරු කර ගැනීමට කාර්යක්‍ෂම තොරතුරු පද්ධතියක ප්‍රබල අවශ්‍යතාවයක් මතුව තිබුණි.

විමර්ශන අංශය මගින් සැලසෙන සේවාවන්

1 කලාප මට්ටමේ මධ්‍ය කාලීන හා විමධ්‍යගත ආයෝජන සැලසුම් සකස් කිරීම.
2 කලාපය තුළ ක්‍රියාත්මක වන මධ්‍යකාලීන ව්‍යාපෘති වල ප්‍රගතිය පාලනය හා විවිධ ව්‍යාපෘති පිළිබඳව තොරතුරු රැස් කිරීම.
3 ඉහළ අධිකාරීන් හා දේශපාලන අධිකාරීන් වෙත යැවිය යුතු වාර්තා සැකසීම හා ඉදිරිපත් කිරීම.
4 විදේශාධාර ව්‍යාපෘති හා ජාතික මට්ටමේ ව්‍යාපෘති යටතේ පාසල් වල අවශ්‍ය භෞතික සම්පත් පිළිබඳව තොරතුරු රැස් කිරීම.
5 ව්‍යූහ කමිටුවට අයත් රාජකාරී කටයුතු (උදා : පාසල් නම් කිරීම, නම් වෙනස් කිරීම, ඒකාබද්ධ කිරීම, වැසීම, සමාන්තර පන්ති අඩු/වැඩි කිරීම, නව අංශ ඇති කිරීම, විෂය ධාරාවන් ඇරඹීම/නිමා කිරීම, දුෂ්කර පාසල් හඳුනා ගැනීම, වර්ගීකරණය හා විචාරවත් කිරීම යනාදී රාජකාරීන්)
6 අධ්‍යාපන පර්යේෂණ කටයුතු.
7 කලාප මට්ටමේ පහත දැක්වෙන තොරතුරු රැස් කිරීම හා යාවත්කාලීනව පවත්වාගෙන යාම.
i. විෂයය තොරතුරු
ii. ගුරු තොරතුරු
iii. අනධ්‍යයන කාර්යය මණ්ඩල තොරතුරු
iv. භෞතික සම්පත් තොරතුරු
v. විභාග ප්‍රතිඵල
vi. මූල්‍ය සම්පත් තොරතුරු ඇතුලු වෙනත් විවිධ තොරතුරු
8 පාසල් නාම පුවරු, සමරු ඵලක, අනුමත කරවා ගැනීම හා ඊට අදාළ කටයුතු.
9 කලාප මට්ටමේ ව්‍යාපෘති භාර නිලධාරීන්ගේ ප්‍රතිපෝෂණ වාර්තා පවත්වා ගැනීම.
10 ප්‍රගතිය පාලන ඵලක හා ප්‍රස්තාර ඇඳීම සහ සැකසීම.
11 වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම සකස් කිරීම හා ඒ හා සම්බන්ධ සියලු කටයුතු කිරීම. මාසිකව ප්‍රගතිය පළාත් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.
12 ද්විතියික පාසල් සම්බන්ධ තොරතුරු එක්රැස් කිරීම හා තොරතුරු සැපයීම
13 ළමා මිතුරු පාසල් පිළිබඳ තොරතුරු එක්රුස් කිරීම හා තොරතුරු සැපයීම
14 විදුහල්පති රැස්වීම් සංවිධානය කිරීම.
15 වාර්ෂික පාසල් සංගණන තොරතුරු පරිගණක ගත කිරීම හා තොරතුරු යාවත්කාලීනව පවත්වාගෙන යාම
16 වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පවත්වාගෙන යනු ලබන කාර්ය මණ්ඩල වාර්තා හා ගුරු තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා මාසික වෙනස්වීම් වාර්තා සකස් කර ඉදිරිපත් කිරීම.
17 ප්‍රධාන අමාත්‍ය තුමා වෙත යොමු කළයුතු කාර්යාලීය මාසික ප්‍රගති වාර්තාව සකස් කර ඉදිරිපත් කිරීම.
17 අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය (EMIS) හා සම්බන්ධ කටයුතු.

කාර්ය මණ්ඩලය

නිළධාරියාගේ නම තනතුර ශ්‍රේණිය රාජකාරි දුරකථන
- - - 037-2276021
- - - 037-2276021
- - - 037-2276021
- - - 037-2276021
- - - 037-2276021
- - - 037-2276021
- - - 037-2276021