ගුරු ආයතනය

ගුරු ආයතන අධ්‍යක්ෂතුමියගේ පණිවිඩය

ගුරු හා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ ආයතනික කටයුතු විධිමත්ව හා කාර්යක්ෂමව ඉටු කර දීම සඳහා ගුරු ආයතන අංශයට මග පෙන්වීමට ලැබීමට ඉමහත් භාග්‍යයක් කොට සලකමි.මෙම අංශයේ භෞතික හා මානව සම්පත නිසි අයුරින් කළමනාකරණය කරමින් දැයේ දරුවන්ගේ දෑස පාදන ගුරු හා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ වෘත්තිය තෘප්තිය ඉහල මට්ටමකට ගෙන ඒමට උපරිමයෙන් කැපවෙමි.

ඔවුන්ගේ උසස්වීම්, විශ්‍රාම ගැන්වීම් ඇතුළු සියළුම ආයතනික කටයුතු නිසි වේලාවට වඩාත් මානුෂීය මුහුණුවරකින් යුක්තව ඉටු කිරීමට වෙහෙසෙමි.තව ද නිරන්තරයෙන් පවතින ගුරු හිඟය හමුවේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය අඩාල නොවන අයුරින් පවතින මානව සම්පත නිසියාකාරව තුළනය කිරීම අත්‍යවශ්‍යය වේ.ඒ සඳහා ඉහළ පාලන අධිකාරීන්ගේ ද නොම ද සහයෝගය ලබා ගනිමින් කිසිදු පාර්ශවයකට අගතියක් නොවන අයුරින් කටයුතු කිරීම මාගේ අභිප්‍රාය වේ.“අන්තර්ජාල ප්‍රවේශය තුළින් අපගේ මෙහෙවර තවතවත් කාර්යක්ෂම වීම සතුටට කරුණකි.”

අවසාන වශයෙන් වයඹ පළාත තුළ සියළුම කාලාප අධ්‍යාපන කාර්යාලවල ගුරු ආයතන ශාඛා අතුරින් හොඳම ගුරු ආයතන ශාඛාව බවට පත්වීම උත්සුක වන බව සතුටින් ප්‍රකාශ කරමි.

දැක්ම

ආයතනික කටයුතු විධිමත්ව ඉටු කිරීම තුළින් සේවාලාභීන් තෘප්තිමත් කිරීම.

මෙහෙවර

විශිෂ්ට අධ්‍යාපනයක් තුළින් ප්‍රශස්ත දරුවෙකු බිහි කිරීමේ ආයතනික අරමුණු ළඟා කරගැනීම සඳහා ආංශික දායකත්වය සපයමින් ආයතනික කටයුතු විධිමත්ව හා ප්‍රශස්ත අන්දමින් ඉටුකර,තෘප්තිමත් විදුහල්පති හා ගුරු පරපුරක් නිර්මාණය කිරීම අපගේ මෙහෙවර වේ.

ගුරු ආයතන ශාඛාවේ කාර්ය භාරය

මහව අධ්‍යාපන කලාපයේ ගුරුභවතුන්ගේ, විදුහල්පතිවරුන්ගේ, පරිවේණාධිපතිවරුන්ගේ, පරිවේණාචාර්යවරුන්ගේ පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීනව පවත්වාගෙන යෑම ගුරු ආයතන ශාඛාවේ ප්‍රධානතම කාර්ය භාරය‍ වේ. එහිදී පෞද්ගලික ලිපිගොනුවක ඇතුලත් විය යුතු ලිපි ලේඛන පහත පරිදි වේ.

1 පත්වීම් ලිපිය
2 රාජකාරී භාර ගැනීමේ ලිපිය
3 රාජකාරී භාර ගැනීමේ ලොග් සටහන් පිටපත
4 දිව්රුම/ ප්‍රතිඥාව (පොදු 278)
5 ගිවිසුම (පොදු 160)
6 වත්කම් ප්‍රකාශය (පොදු 261)
7 වැන්දඹු අනත්දරු සාමාජික අංකය සහිත ලිපිය
8 වෛද්‍ය වාර්තාව (පොදු 169)
9 උප්පැන්න සහතිකයේ මුල් පිටපත
10 ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපත
11 විවාහ සහතිකයේ මුල් පිටපත - විවාහය පිළිබඳ දැනුම්දීම (පොදු 272)
12 කාලත්‍රයාගේ උප්පැන්නයේ මුල් පිටපත
13 කාලත්‍රයාගේ ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපත
14 දරු උපත් හා මරණ දැනුම් දීම (පොදු 272)
15 දික්කසාද වී ඇත්නම් දික්කසාද සහතිකය හෝ නඩු තීන්දුවේ පිටපත
16 නැවත විවාහ වූයේ නම් විවාහ සහතික
17 කාලත්‍රයා මිය ගියේ නම් මරණ සහතිකයේ මුල් පිටපත
18 ආබාධිත දරුවන් සිටීනම් අදාළ වෛද්‍ය වාර්තා
19 පරිවාස කාලය දීර්ග කළේ නම් ඊට අදාළ ලිපි
20 කාලත්‍රයාගේ රැකියා විස්තර
21 වාර්ෂික පරිවාස වාර්තා
22 සේවය ස්ථීර කිරීමේ ලිපිය
23 උසස්වීම්වලට අදාළ ලිපි
24 වැටුප් වර්ධක අනුමත කළ ලිපි
25 ස්ථාන මාරුවීම්වලට අදාළ ලිපි
26 කාර්යක්ෂමතා කඩඉම් සමත් බවට ලිපි
27 අධ්‍යාපන සහතිකවල පිටපත්
28 වෘත්තීය සුදුසුකම් සනාථ කෙරෙන ලිපි
29 පුහුණු පාඨමාලාවන්වල සහතික
30 අඩ වැටුප් හා වැටුප් රහිත නිවාඩු විස්තර
31 ප්‍රසූත නිවාඩු
32 හදිසි අනතුරු පිළිබඳ විස්තර
33 විදේශ නිවාඩු පිළබඳ විස්තර
34 අධ්‍යයන නිවාඩු වාර්තා
35 සේවය අතහැර යාමේ නියෝග හා නැවත සේවයේ පිහිටුවීම්
36 විනය නියෝග
37 විනය නියෝග සම්බන්ධ අභියාචනා
38 ද්විතීය පදනම මත සේවයේන් මුදා හැරීම්
39 පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීම
40 සේවය අගය කිරීම්, දෝෂාරෝපණ
41 ණය ලබාගැනීමට අදාළ ලිපි
42 චර්යා සටහන

ගුරු ආයතන ශාඛාවේ කාර්යයන් විධිමත්ව ඉටුකිරීම සඳහා ගුරුභවතුන්ගෙන්, පරිවේණාචාර්යවරුන්ගෙන්, පරිවේණාධිපතිවරුන්ගෙන් හා විදුහල්පතිවරුන්ගෙන් ලැබිය යුතු සහයෝගය,

1. පෞද්ගලික ලිපි ගොනුවට අවශ්‍ය ලිපි කඩිනමින් ලබාදීම
2. වැටුප් වර්ධක අයදුම්පත් නියමිත වේලාවට අදාළ නිර්දේශ සහිතව ඉදිරිපත් කිරීම
3. අධ්‍යයන නිවාඩු, විදේශ නිවාඩු දින 14කට පෙර අදාළ නිර්දේශ සහිතව ඉදිරිපත් කිරීම
4. විශ්‍රාම ගැන්වීම් හා විශ්‍රාම පූර්ව නිවාඩු මාස 06 කට පෙර අදාළ නිර්දේශ සහිතව ඉදිරිපත් කිරීම
5. වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක වීම සඳහා වූ ලිපිලේඛන කඩිනමින් ලබාදීම
6. පරිවාස කාලය අවසානයෙහි තනතුරෙහි ස්ථිර කිරීමේ ලිපියක් නොලැබුණේ නම් කඩිනමින් විමසීමක් කිරීම
7. අධ්‍යයන නිවාඩු, විදේශ නිවාඩු අයදුම්පත්‍ර කල්වේලා ඇතිව නියමිත නිර්දේශ සහිතව ඉදිරිපත් කිරීම
8. පරිවාස කාලයට අදාළ තුන් අවුරුදු වාර්තා කඩිනමින් ලබා දීම

1. විදේශ නිවාඩු

විදේශ නිවාඩු අයදුම් කිරීමේ දී ගුරු භවතුන් විසින් හා විදුහල්පතිවරුන් විසින් අවධානය යොමු කළ යුතු කරුණු (පරිවේණාචාර්ය සේවය සඳහා ද අදාළ වේ.)

1. විදේශ නිවාඩු අයදුම්පත් විදේශ ගත වන දිනට දින 14 කට පෙර ඉදිරිපත් කිරීම.
2. විදේශ ගතවන ගුරු භවතාගේ රාජකාරි ආවරණය ඔහු උගන්වනු ලබන විෂයයට සමගාමී විෂයක් උගන්වන ගුරු භවතෙකු විසින් කළ යුතු වීම.
3. රාජකාරි ආවරණය සඳහා එකඟවන ගුරුභවතා එම කාල සීමාව තුළ ස්ථාන මාරු නොකිරීම.
4. විදේශ නිවාඩු අයදුම්පත්‍ර අඩුපාඩු රහිතව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විදුහල්පති විසින් පෞද්ගලිකවම සෑහීමකට පත්වීම.
5. රැකියා සඳහා විදේශ ගත වීමේ දී අදාළ ඇප බැඳුම්කරය සහ ගිවිසුම් පත්‍රය ඉදිරිපත් කිරීම.

1.1 විදේශ නිවාඩු අයදුම් කිරිමේ දී ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන :-

(මෙම සියළුම ලිපි පිටපත් 04 කින් ඉදිරිපත් කිරීම.)

1. ශ්‍රී ලංකාවෙන් බැහැර ගත කිරීම සදහා නිවාඩු ඉල්ලීම.(පොදු 126)
2. වයඹ පළාත් සභා නිලධාරීන් සදහා විදේශ නිවාඩු ඉල්ලීමේ අයදුම්පත්‍රය
3. 10 පරිශිෂ්ඨය ( මාස 03 වැඩි විදේශ ගත වන්නේනම් පමණි.)
4. තෝරා ගැනීම සනාථ කරන විදේශ ආයතනයේ ලිපිය
5. විදේශ රැකියා ආයතනයේ ලිපිය (රැකියා සඳහා විදේශ ගත වන්නේනම් පමණි)
6. ඉල්ලීම් ලිපිය(විදුහල්පති නිර්දේශ සහිතව).
7. ගිවිසුමකට බැඳී නොමැති බවට ලිපිය (මාස 03 වැඩි විදේශගත වීම් සඳහා)
8. රාජකාරි ආවරණය කිරීමේ ලිපිය
9. වයස අවුරුදු 50 ඉක්මවා ඇත්නම් යහපත් මානසික හා සෞඛ්‍යය තත්වයෙන් පසුවන බවට ලිපිය
10. නිවාඩු අයදුම්පත්‍රය ප්‍රමාද වී ඇත්නම් ප්‍රමාදයට හේතු ලිපිය
11. විදේශ නිවාඩු ලබාගන්නා වර්ෂයේ හා පෙර වර්ෂයේ නිවාඩු විස්තර ( සම්පූර්ණ B 100 වාර්තාව මගින්)

2. අධ්‍යයන නිවාඩු අනුමත කිරීම.

අධ්‍යයන නිවාඩු අයදුම් කිරීමේදී ගුරු භවතුන් හා විදුහල්පතිවරුන් විසින් අවධානය යොමු කළ යුතු කරුණු පහත පරිදි වේ.(පරිවේණාචාර්ය සේවය සඳහා ද අදාළ වේ.)

1. අධ්‍යයන නිවාඩු ලබා ගැනීමට අවම වශයෙන් සති දෙකකයවත් පෙර අයදුම්පත්‍ර අදාළ නිර්දේශය ඉදිරිපත් කිරීම.
2. මාස 06 වැඩි පාඨමාලා සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 43/38 අනුව ගිවිසුම් පත්‍රය සම්පූර්ණ කිරීම.
3. පාඨමාලා අයදුම් කරන නිලධාරියාගේ රාජකාරි ආවරණය සඳහා සුදුසු ගුරුවරයෙක් නම් කර තිබීම.
4. වැටුප් සහිත අධ්‍යයන නිවාඩුවලින් පසුව ආයතන සංග්‍රහයේ XII හි 14-6 වගන්තියේ පරිදි අනිවාර්ය සේවා කාලයක් සේවය කළයුතු වන අතර නැවත අධ්‍යයන නිවාඩුවක් ඉල්ලුම් කළයුතු වන්නේ එම කාල සීමාව සේවයේ යෙදීමෙන් අනතුරුවය.
5. අධ්‍යයන නිවාඩු අනුමත කිරීමෙන් පසු අන්වාර්ය සේවා කාලය ඉක්මවීමට පෙර විශ්‍රාම ගියහොත් රා.ප.ච.24/97 අනුව කටයුතු කළ යුතුය.
6. වැටුප් සහිත අධ්‍යයන නිවාඩු අනුමත කළ හැකි උපරිම කාලය අදාළ පාඨමාලාවේ කාලයට සීමා වේ.
7. එකවර පාඨමාලා 02 ක් හැදෑරීම සඳහා අධ්‍යයන නිවාඩු ලබා දෙනු නොලැබේ. (ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබා ගැනීම වසර 05 ක සේවා කාලයක් තිබිය යුතුය.
8. සම්පූර්ණ වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබා ගන්නා නිලධාරියෙකු සම්පූර්ණ කළයුතු බැඳුම්කරයේ කාල සීමාවේ උපරිමය ඔහුගේ විශ්‍රාම යන දිනය දක්වා වේ.
9. මුල් පත්වීම් ලද නිලධාරියෙකුට හෝ නිලධාරිණියකට පරිවාස කාලයේ වසරක් සම්පූර්ණ වීමෙන් පසු අධ්‍යයන නිවාඩු ලබාගත හැක.

2.1 අධ්‍යයන නිවාඩු අනුමත කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන

( සෑම ලිපියක් ම පිටපත් 03 කින් ඉදිරිපත් කිරීම අනිර්වාර්ය වේ.)

1. ඉල්ලීම් ලිපිය ( විදුහල්පති නිර්දේශ සහිතව )
2. අධ්‍යයන නිවාඩු අයඳුම්පත්‍රය ( විදුහල්පති නිර්දේශ සහිතව ) (ජාතික පාසල් / පළාත් සබා).
3. පාඨමාලා සඳහා තෝරාගත් බවට ලිපිය
4. රාජකාරි ආවරණ ලිපිය (අදාළ ගුරු භවතාගෙන් ලබා ගෙන විදුහල්පති නිර්දේශ සහිතව)
5. ගිවිසුම් පත්‍ර පිටපත්

3.සේවය ස්ථිර කිරීම ලබා දිය යුතු ලිපිලේඛන

3.1 ගුරු සේවය :-

1. ස්ථිර මුල් පත්වීම් ලිපියේ පිටපත
2. ස්ථිර මුල්පත් වීම් ලිපිය අනුව රාජකාරි ලිපිය භාරගත් ලොග් සටහන් පිටපත්.
3. පරිවාස කාලයට අදාළ තුන් අවුරුදු වාර්තා පිටපත් 02 බැගින්

3.2 විදුහල්පති සේවය :-

1. ඉල්ලීම් ලිපිය.
2. විදුහල්පති සේවයේ මුල් පත්වීම
3. ගුරු පුහුණු උපාධි සහතිකය
4. විදුහල්පති සේවයේ මුල් පත්වීම් ලිපියට රාජකාරි භාර ගැනීම.
5. උප්පැන්න සහතිකය සහතික කළ පිටපත
6. ජාතික හැදුනුම්පත සහතික කළ පිටපත

3.3 පරිවේණාචාර්ය සේවය :-

1. 16(3) අයදුම්පත් පිටපත්
2. 16(3) අනුමත කිරීමේ ලිපිය
3. ඉල්ලීම් ලිපිය(කෘත්‍යාධිකාරි නිර්දේශය සහිත)

(පත්වීමට අදාළ ප්‍රතිඵල සනාථ වී තිබිය යුතුය.)

4. වැන්දඹු හා අනත්දරු /වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක වීම :-

සියලුම ගුරු භවතුන් ස්ථිර මුල් පත්වීම් දින සිට මාස 03 ක් ඇතුළත වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය සදහා දායක වීම අනිවාර්ය වේ. මෙතෙක් මෙම විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක නොවූ ගුරු භවතුන් කඩිනමින් මේ සදහා දායක වීමට කටයුතු කිරීම අවශ්‍ය වේ.

4.1 වැන්දඹු හා අනත්දරු /වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක වීම සදහා ඉදිරිපත් කළ යුතු ලිපි :-

1. 86 වැනි පොදු ආකෘති පත්‍රය (නිලධාරීන් සදහා )පිටපත් 02 ක්
86 අ වැනි පොදු ආකෘති පත්‍රය (නිලධාරිනියන් සදහා) පිටපත් 02 ක්
2. ස්ථිර මුල් පත්වීම් ලිපියෙහි ඡායා පිටපත
3. ජාතික හැදුනුම්පතෙහි ඡායා පිටපත
4. ප්‍රමාදයට හේතු සදහන් ලිපිය (මාස 03ට වඩා ප්‍රමාද වී ඇති විට පමණි)
5. උප්පැන්න සහතිකය මුල් පිටපත
6. විවාහ සහතිකය මුල් පිටපත (විවාහක ගුරු භවතුන් සදහා))
7. කලත්‍රයාගේ උප්පැන්න සහතිකය මුල් පිටපත
8. දරුවන්ගේ උප්පැන්න සහතික සහතික කළ පිටපත්

වැන්දඹු හා අනත්දරු/වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායකවීමෙන් අනතුරුව ඇතිවන පහත සදහන් සියලු වෙනස්වීම් කඩිනමින් වාර්තා කළ යුතුය.

1. විවාහය අදාළ ආකෘති මගින් දැනුම් දීම
2. දරුවෙකුගේ උපත,මරණය අදාළ ආකෘති පත්‍ර මගින් දැනුම් දීම.
3. දික්කසාදය හෝ කලත්‍රයාගේ මරණය අදාළ ආකෘති පත්‍ර මගින් දැනුම් දීම.
4. නැවත විවාහය දැනුම් දීම.
5. ආබාධිත හෝ සුව කළ නොහැකි රෝග තත්වයන්ගෙන් පෙළෙන දරුවන් පිළිබද දැනුම් දීම.

5. විශ්‍රාම ගැන්වීම

සපුරාලිය යුතු පූර්ව අවශ්‍යතා :-

1. ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලිපියක් තිබීම.
2. තනතුර ස්ථිරකර තිබීම.
3. වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායකත්වය ලබා තිබීම.
4. වයඹ පළාත් සභා රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කර තිබීම.(වයඹ පළාත් සභා රාජ්‍ය සේවයට පත්වීම් නොලද අයට)

5.1 ගුරු සේවය :-

1 අදියර :-

විදුහල්පති නිර්දේශ සහිතව ලිපි 04ක් විශ්‍රාම ගැන්වීම සදහා ඉල්ලීම් කිරීම(විශ්‍රාම ගැනීමට අපේක්ෂිත දිනට මාස 06 කට පෙර)

2 අදියර :-

PD 03 ආකෘතිය සම්පූර්ණ කර කාර්යාලයට භාරදීම.(ජාතික හැදුනුම්පතෙහි සහ බැංකු ගිණුමෙහි පිටපතක් සමග)

3 අදියර :-

විශ්‍රාම 3 වන ලිපි කට්ටලය සම්පූර්ණ කර කාර්යාලයට භාරදීම.(අදාළ ලිපිලේඛන සමග)

5.2 විදුහල්පති සේවය :-

1 අදියර :-

විදුහල්පති නිර්දේශ සහිතව ලිපි 04ක් විශ්‍රාම ගැන්වීම සදහා ඉල්ලීම් කිරීම(විශ්‍රාම ගැනීමට අපේක්ෂිත දිනට මාස 06 කට පෙර)

2 අදියර :-

PD 03 ආකෘතිය සම්පූර්ණ කර කාර්යාලයට භාරදීම.(ජාතික හැදුනුම්පතෙහි සහ බැංකු ගිණුමෙහි පිටපතක් සමග)

3 අදියර :-

විශ්‍රාම 3 වන ලිපි කට්ටලය සම්පූර්ණ කර කාර්යාලයට භාරදීම.(අදාළ ලිපිලේඛන සමග)

5.3 පරිවේණාචාර්ය සේවය

1 අදියර :-

විශ්‍රාම ගැනීමට අපේක්ෂිත දිනට මාස 06 කට පෙර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පිටපත් සහිතව කෘත්‍යාධිකාරි හිමි මගින් අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් ශාඛාව වෙත විශ්‍රාම ගැන්වීම සදහා ඉල්ලීම ඉදිරිපත් කිරීම.

2 අදියර :-

PD 03 ආකෘතිය සම්පූර්ණ කර කාර්යාලයට භාරදීම.(ජාතික හැදුනුම්පතෙහි සහ බැංකු ගිණුමෙහි පිටපතක් සමග)

3 අදියර :-

විශ්‍රාම 3 වන ලිපි කට්ටලය සම්පූර්ණ කර කාර්යාලයට භාරදීම.(අදාළ ලිපිලේඛන සමග)

5.4 විශ්‍රාම ගැන්වීමේදී සපුරාලිය යුතු පූර්ව අවශ්‍යතා

1. තනතුර ස්තිර කර තිබීම.
2. වැන්දඹු අනත්දරු ක්‍රමයට දායක වී තිබීම.
3. වයඹ පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය වී තිබීම.(වයඹ පළාත් රාජ්‍ය සේවයේ පත්වීම් නොලද අයට)

5.5 ගුරු සේවය / විදුහල්පති සේවය

විශ්‍රාම ගන්වන දිනට මාස 06 කට පෙර ඉල්ලීම ඉදිරිපත් කිරීමෙන් අපහසුතා වළක්වාගත හැකි වේ.

1. ඉල්ලීම් ලිපිය පිටපත් 04
2. පළමු ලිපි කට්ටලය සම්පූර්ණ කිරීම.
3. දෙවැනි ලිපි කට්ටලය සම්පූර්ණ කිරීම.
4. විශ්‍රාම ගොනුව සම්පූර්ණ කිරීම.

5.6 පරිවේණාචාර්ය සේවය :-

කෘත්‍යාධිකාරි හිමි හරහා අධ්‍යපන අමාත්‍යංශයට යැවිය යුතු ය. කලාප කාර්යාලය හරහා යැවිය නොහැක.

1. PD 03 ආකෘතිය
2. බැංකු පොතේ පිටපත
3. ජාතික හැදුනුම්පතේ පිටපත

කාර්ය මණ්ඩලය

නිළධාරියාගේ නම තනතුර කට්ටල අංකය අයත් පාසල්
එස.ආර්.එන්.එන්. සේනානයක මිය කළමනාකරණ සහකාර 02 ව/ම/ම/යාපහුව මහා විදුහල
ව/ම/ම/පහළගම මහා විද්‍යාලය
ව/ම/ම/මොරගස්වැව ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ම/දැහැනැග්ගම කණිෂ්ට විද්‍යාලය
ව/ම/ම/බක්මීගහවත්ත කණිෂ්ට විද්‍යාලය
ව/ම/ම/මොරගොල්ල කණිෂ්ට විද්‍යාලය
ව/ම/ම/වෑගෙදරගම කණිෂ්ට විද්‍යාලය
ව/ම/ම/පොල්පිතිගම බුවනෙකබා ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ම/ශ්‍රීමත් හෙන්රි ඕල්කට් ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ම/වලලිය මහා විද්‍යාලය
ව/ම/ම/උඩදිවුල්වැව මහා විද්‍යාලය
ව/ම/ම/කළුවිලපොතාන ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ම/බක්මීවැව කණිෂ්ට විද්‍යාලය
ව/ම/ම/බොරවැව කණිෂ්ට විද්‍යාලය
ව/ම/ම/ඇල්ලබඩගම ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ම/කාසිකොටේ කණිෂ්ට විද්‍යාලය
ව/ම/ම/ඇඹුල්ගිරිය ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ම/නෙළුම්පත්වැව ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ම/ශ්‍රී මේධංකර ප්‍රාථමික විද්‍යාලය
ඩී.එම්.ඒ.එන්. දසනායක මිය කළමනාකරණ සහකාර 03 ව/ම/ම/අඹන්පොල මධ්‍ය මහා විද්‍යාලය
ව/ම/ම/තුඹුල්ලේගම මහා විද්‍යාලය
ව/ම/ම/හිතෝකඩවල කණිෂ්ට විද්‍යාලය
ව/ම/ම/තිස්නම්පලගම කණිෂ්ට විද්‍යාලය
ව/ම/ම/තම්මිටගම මහා විද්‍යාලය
ව/ම/ම/අඹකොලවැව කණිෂ්ට විද්‍යාලය
ව/ම/ම/යාපව් රාජකීය විද්‍යාලය
ව/ම/ම/හීනුග්ගල කණිෂ්ට විද්‍යාලය
ව/ම/ම/දළදාගම ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ම/රොලව ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ම/යූ.බී.වන්නිනායක මහා විද්‍යාලය
එස්.බඩ්.එච්.එම්. සඳමාලි හේරත් මැණිකේ කළමනාකරණ සහකාර 04 ව/ම/පොපි/මහානාම මහා විද්‍යාලය
ව/ම/පොපි/තළාකොලවැව මහා විද්‍යාලය
ව/ම/පොපි/තල්පත්වැව කණිෂ්ට විද්‍යාලය
ව/ම/පොපි/නියඳවනය කණිෂ්ට විද්‍යාලය
ව/ම/පොපි/නිකවැහැර කණිෂ්ට විද්‍යාලය
ව/ම/පොපි/පල්ලේකැලේ කණිෂ්ට විද්‍යාලය
ව/ම/පොපි/හාතිගමුව කණිෂ්ට විද්‍යාලය
ව/ම/පොපි/ගල්කැටියාගම කණිෂ්ට විද්‍යාලය
ව/ම/පොපි/ගල්ටැංවැව කණිෂ්ට විද්‍යාලය
ව/ම/පොපි/වළගම්බා ප්‍රාථමික විදුහල
ව/ම/පොපි/පොතුවෑපිටිය කණිෂ්ට විද්‍යාලය
ව/ම/පොපි/පොතුවිල සිරි පැරකුම් කණිෂ්ට විද්‍යාලය
ව/ම/පොපි/බඹරගලයාය ප්‍රාථමික විද්‍යාලය
ව/ම/පොපි/හක්වටුනාඔය ජනපද ප්‍රාථමික විද්‍යාලය
ව/ම/පොපි/පොන්නිලව මහා විද්‍යාලය
ව/ම/පොපි/මා එළිය මහා විද්‍යාලය
ව/ම/පොපි/බලගොල්ල කණිෂ්ට විද්‍යාලය
ටී.එම්.එන්.ඩී. තෙන්නකෝන් මිය කළමනාකරණ සහකාර 05 ව/ම/පොපි/හල්මිල්ලගොල්ල කණිෂ්ට විද්‍යාලය
ව/ම/පොපි/නිකවැව දේවානම්පියතිස්ස මධ්‍ය මහා විද්‍යාලය
ව/ම/පොපි/බොරවැව මහා විද්‍යාලය
ව/ම/පොපි/කුඹුක්කඩවල කණිෂ්ට විද්‍යාලය
ව/ම/පොපි/තලාව ප්‍රාථමික විද්‍යාලය
ව/ම/පොපි/රඹාවැව බුවනෙකබා ප්‍රාථමික විද්‍යාලය
ව/ම/පොපි/ගනේකන්ද ප්‍රාථමික විද්‍යාලය
ව/ම/පොපි/හේරත්ගම ප්‍රාථමික විද්‍යාලය
ව/ම/පොපි/තරණගොල්ලාගම කණිෂ්ට විද්‍යාලය
ව/ම/පොපි/වම්බටුවැව ප්‍රාථමික විද්‍යාලය
ව/ම/පොපි/පොහොරවත්ත ප්‍රාථමික විද්‍යාලය
ව/ම/පොපි/සියඹලන්ගමුව කණිෂ්ට විද්‍යාලය
ව/ම/පොපි/කඩවල කණිෂ්ට විද්‍යාලය
ව/ම/පොපි/තෙන්නකෝන්ගම කණිෂ්ට විද්‍යාලය
ව/ම/පොපි/දාගම ප්‍රාථමික විද්‍යාලය
ව/ම/පොපි/වෙහෙරගල ප්‍රාථමික විද්‍යාලය
ව/ම/පොපි/රැකෑවුල ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ම/කරඹේ මහා විද්‍යාලය
ව/ම/ම/අල්මදීනා මහා විද්‍යාලය
ආර්.එම්.එම්.එච්. රත්නායක මෙය. කළමනාකරණ සහකාර 06 ව/ම/ගල්/නිතලව කණිෂ්ට විද්‍යාලය
ව/ම/ගල්/ඇහැටුවැව ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ගල්/කදුරුවැව ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ගල්/මාන්නක්කුලියාගම ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ගල්/ගල්ලෑව මුස්ලිම් කණිෂ්ට විද්‍යාලය
ව/ම/ගල්/අතරගල්ල වානේ කොළණිය කණිෂ්ට විද්‍යාලය
ව/ම/ගල්/ගලපිටදිගන ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ගල්/නාකොලගනේ ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ගල්/දිඹුලාගල මහා විද්‍යාලය
ව/ම/ගල්/එරියාව ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ගල්/මහ ඇඹෝගම කණිෂ්ට විද්‍යාලය
ව/ම/ගල්/අංගමුගම කණිෂ්ට විද්‍යාලය
ව/ම/ගල්/මහගල්කඩවල මහසෙන් විද්‍යාලය
ව/ම/ගල්/කල්ලංචිය කණිෂ්ට විද්‍යාලය
ව/ම/ගල්/ජයබිම සිරි සුදස්සී කණිෂ්ට විද්‍යාලය
ව/ම/ගල්/පේද්දෝගම කණිෂ්ට විද්‍යාලය
ව/ම/ගල්/මහතෝරව කණිෂ්ට විද්‍යාලය
ව/ම/ගල්/නාහෙට්ටිකුලම කණිෂ්ට විද්‍යාලය
ව/ම/ගල්/ඉහළ නාන්නේරිය කණිෂ්ට විද්‍යාලය
ව/ම/ගල්/පාළුව විද්‍යාදීප කණිෂ්ට විද්‍යාලය
ව/ම/ගල්/බණ්ඩාරගම ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ගල්/බෝංගමුව ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ගල්/වන්නිඅමුණුකොලේ ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ගල්/මහවැලිතැන්න ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ගල්/සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ගල්/මහනාන්නේරිය ප්‍රාථමික විද්‍යාලය
ජේ.එම්. චන්ද්‍රා මැණිකේ කළමනාකරණ සහකාර 07 ව/ම/ම/විජයබා ජාතික පාසල
ව/ම/ම/පැරකුම්පුර ජාතික පාසල
ටී.ඒ.සී. ප්‍රභා ආනන්ද මිය කළමනාකරණ සහකාර 08 ව/ම/ගිරි/සාලිය අශෝකා නවෝද්‍යා විද්‍යාලය
ව/ම/ගිරි/පොතානේගම විජය කණිෂ්ට විද්‍යාලය
ව/ම/ගිරි/රාජාංගනය යාය 03 බඹරේ ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ගිරි/ගම්පොල කණිෂ්ට විද්‍යාලය
ව/ම/ගිරි/හෙට්ටිආරච්චිගම කණිෂ්ට විද්‍යාලය
ව/ම/ගිරි/වන්නිකුඩාවැව මුස්ලිම් කනිෂ්ට විද්‍යාලය
ව/ම/ගිරි/ගුරුළුපිටිගම ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ගිරි/වන්නිකුඩාවැව සිරිසඟබෝ මහා විද්‍යාලය
ව/ම/ගිරි/වල්පාළුව මුස්ලිම් මහා විද්‍යාලය
ව/ම/ගිරි/රාජාංගනය යාය 03 ධර්මාශෝක විද්‍යාලය
ව/ම/ගිරි/ඉහළ මරදන්කඩවල ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ගිරි/තම්මැන්නාව කණිෂ්ට විද්‍යාලය
ව/ම/ගිරි/අලියාවැටුණුවැව මුස්ලිම් කණිෂ්ට විද්‍යාලය
ව/ම/ගිරි/වරාවැව මහා විද්‍යාලය
ව/ම/ගිරි/තඹුත්ත මහා විද්‍යාලය
ව/ම/ගිරි/සෝලේ මහා විද්‍යාලය
ව/ම/ගිරි/රාජාංගනය යාය 06 ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ගිරි/ජයන්තිපුර කණිෂ්ට විද්‍යාලය
ව/ම/ගිරි/රාජාංගනය යාය 2/4 ප්‍රාථමික විද්‍යාලය
ජේ.ජී. සෝමකීර්ති මිය සංවර්ධන නිළධාරී 09 ව/ම/ගල්/අතරගල්ල කණිෂ්ට විද්‍යාලය
ව/ම/ගල්/පාළුකඩවල ශ්‍රී සුමන කණිෂ්ට විද්‍යාලය
ව/ම/ගල්/දේවගිරිපුර වලගම්බා මහා විද්‍යාලය
ව/ම/ගල්/උස්ගල සාලියරාජ මහා විද්‍යාලය
ව/ම/ගල්/මඩදොඹේ කණිෂ්ට විද්‍යාලය
ව/ම/ගල්/මාකලානේගම කණිෂ්ට විද්‍යාලය
ව/ම/ගල්/සියඹලෑව ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ගල්/ජනාධිපති ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ගල්/කට්ටකඩුව මුස්ලිම් විද්‍යාලය
ව/ම/ගල්/ජාගම අල් හකීම් මුස්ලිම් විද්‍යාලය
ව/ම/ගල්/ගල්ගමුව රෝමානු කතෝලික විද්‍යාලය
ව/ම/ගල්/උස්ගල ගැමුණු මහා විද්‍යාලය
ව/ම/ගල්/ගල්පිටිය කණිෂ්ට විද්‍යාලය
ව/ම/ගල්/බුල්නෑව කණිෂ්ට විද්‍යාලය
ව/ම/ගල්/පොතානේගම ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ගල්/මීගලෑව ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ගල්/ගණන්ගමුව ප්‍රාථමික විද්‍යාලය
ව/ම/පොපි/අඹගස්වැව මහා විද්‍යාලය
ව/ම/පොපි/දීගම ප්‍රාථමක් විද්‍යාලය
ව/ම/ගල්/හුණුගල්ලෑව කණිෂ්ට විද්‍යාලය
ඒ.එම්. ජයසේන මයා කළමනාකරණ සහකාර 10 ව/ම/ගල්/ඉහළගම කණිෂ්ට විද්‍යාලය
ව/ම/ගල්/බුදුරුවකන්ද මහා විද්‍යාලය
ව/ම/ම/නාගොල්ලාගම මධ්‍ය මහා විද්‍යාලය
කු/පොල්පිතිගම ජාතික පාසල
ව/ම/ම/කඳුබඩගම කණිෂ්ට විද්‍යාලය
ව/ම/ගල්/උස්ගල තිස්ස මහා විද්‍යාලය
ව/ම/ගල්/කුඩා කත්නෝරුව මහා විද්‍යාලය
ව/ම/පොපි/පන්සියගම මහා විද්‍යාලය
ව/ම/පොපි/මඩිතියගොල්ල කණිෂ්ට විද්‍යාලය
ව/ම/පොපි/තෙළඹියාව ප්‍රාථමික විද්‍යාලය
ව/ම/පොපි/පොල්පිතිගම රාජසිංහ ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ම/ධම්මානන්ද ප්‍රාථමික විද්‍යාලය
ආර්.අයි.බී. සෝමාවතී මිය සංවර්ධන නිළධාරී 11 ව/ම/ම/රන්දෙණිගම මුස්ලිම් කණිෂ්ට විද්‍යාලය
ව/ම/ම/ඇඹෝගම කණිෂ්ට විද්‍යාලය
ව/ම/ම/ගුණපාල මලලසේකර ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ම/අඹන්පොල ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ම/උඩුවේරිය කණිෂ්ට විද්‍යාලය
ව/ම/ම/ගජනැග්ගම මහා විද්‍යාලය
ව/ම/ම/වේරගල කණිෂ්ට විද්‍යාලය
ව/ම/පොපි/ටී.බී. විජේසූරිය ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ගල්/බණ්ඩාරනායක නවෝද්‍යා විදුහල
අයි.එම්.එස්.එම්. කුමාරි මෙය. සංවර්ධන නිළධාරී 12 ව/ම/ම/ඇඹලේගොඩ මහා විද්‍යාලය
ව/ම/ම/නරමනාකොටුව කණිෂ්ට විද්‍යාලය
ව/ම/ම/බමුණුගම කණිෂ්ට විද්‍යාලය
ව/ම/ම/ඉපලෝගම මහා විද්‍යාලය
ව/ම/ම/කැත්තපහුව කණිෂ්ට විද්‍යාලය
ව/ම/ම/කිවුල්ලෑව ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ම/මඩපොකුණ මාහිරා මුස්ලිම් විද්‍යාලය
ව/ම/පොපි/කළුගල්ල කණිෂ්ට විද්‍යාලය
ව/ම/පොපි/කෝරුවාව ප්‍රාථමික විද්‍යාලය
ව/ම/පොපි/මකුල්පොත මහා විද්‍යාලය
ව/ම/පොපි/මඩහපොළ කන්ද විද්‍යාලය
ව/ම/පොපි/රාවාඇල කණිෂ්ට විද්‍යාලය
ව/ම/පොපි/මඩහපොළ මහින්ද මහා විද්‍යාලය
ව/ම/පොපි/ඉමිහාමිනේගම ප්‍රාථමික විද්‍යාලය
ව/ම/පොපි/නක්වත්තාගම කණිෂ්ට විද්‍යාලය
ව/ම/ගිරි/මයිලෑව මහා විද්‍යාලය
ව/ම/ගිරි/කොක්මඩුව ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ගල්/විකාදෙනිගම කණිෂ්ට විද්‍යාලය
ව/ම/ගල්/මැදින්නෝරුව කණිෂ්ට විද්‍යාලය
ඩබ්.එම්.එම්.කේ.විජේනායක මිය සංවර්ධන නිළධාරී 13 ව/ම/ගල්/මීගලෑව මහවැලි ජාතික පාසල
ව/ම/ගිරි/පහළ ගිරිබාව මහා විද්‍යාලය
ව/ම/ගිරි/පහළ ගිරිබාව ප්‍රාථමික විද්‍යාලය
ව/ම/ගල්/මහනාන්නේරිය මහා විද්‍යාලය
ව/ම/ගල්/හිජ්රා මුස්ලිම් කණිෂ්ට විද්‍යාලය
ව/ම/ම/පන්වැව විදුහල
ව/ම/ම/උදාගම විදුහල
ව/ම/පොපි/පාලගම විදුහල
ව/ම/පොපි/මාපේගමුව මහා විදුහල
ව/ම/ගල්/ඉහළ කෝන්වැව ප්‍රාථමික විදුහල
ව/ම/ගල්/කරඹෑව අල්මිනා මුස්ලිම් විදුහල
ව/ම/ම/කෝන්වැව මහා විදුහල
ව/ම/ගල්/ගල්ගමුව ආදර්ශ මුස්ලිම් විදුහල
අයි.එම්.වී. මල්ලිකා මිය සංවර්ධන නිළධාරී 15 ව/ම/ගල්/ගල්ගමුව යූ බී වන්නිනායක ජාතික පාසල
ව/ම/පොපි/ජයන්ති මහ පිරිවෙන
ව/ම/ගල්/ශ්‍රී සීලානන්ද පිරිවෙන
ව/ම/ම/ශ්‍රී ඉන්දසුමන මහ පිරිවෙන
ව/ම/ගිරි/ ශ්‍රී සීලරතන පිරිවෙන
ව/ම/ගල්/ජයබිම ත්‍රිපිටක ධර්මායතන පිරිවෙන
ව/ම/ගල්/ශ්‍රී ගුණානන්ද පිරිවෙන
ව/ම/පොපි/ශ්‍රී සුමංගල විද්‍යායතන පිරිවෙන
ව/ම/ම/ශ්‍රී සුමංගල පිරිවෙන
ව/ම/ම/ශ්‍රී දීපාලෝක මහ පිරිවෙන
ව/ම/පොපි/ශ්‍රී මංගල පිරිවෙන
ව/ම/ගල්/ශ්‍රී සෝමානන්ද පිරිවෙන
ව/ම/පොපි/ශ්‍රී සුමංගල මූලික පිරිවෙන